Saturday, February 23, 2013

HITHA NABARA THALETA

හිත නාඹර තාලෙට වෙල්දෙනිවල නැටුවා
එන හිමිදිරි සිහිලට සිතිවිලි කිතිකැවුනා
එක පාරට ආදර මල් සුවඳක් දැනුනා
මදහාසනගා ඈ හොරැහින් වගේ බැලුවා...

පාලු අම්බරයේ දේදුන්නක් ඇදිලා
පාට ගෑ විගසේ පාලුව සැඟව ගියා
සිතලෙන් මිරිකී උදාවුනු මේ අරුමේ
පාලුවූ මහදේ කවුරුද තනි මැකුවේ ...

පාට සමණළයන් ආදර ගීමුමුනා
රෝස මකරන්දේ සුවඳට ඉවකෙරුවා
සිතලෙන් මිරිකී උදාවුනු මේ අරුමේ
පාලුවූ මහදේ කවුරුද තනි මැකුවේ ...

ASA GATENA HAMA THANAMA

ඇස ගැටෙනා හැම තැනම...
කොහේහෝ හිනැහී ඉන්නවා...
ඇස පියනා හැමවිටම...
හීනෙනුත් නුඹ ළඟ ඉන්නවා...

දහවල් පුරා මෙහෙම ඇවිදින්...
හීනෙන් වගේ පාරේ ඇවිදින්...
දවසම ගෙවී රෑට ඇවිදින්...
හීනෙන් හිදී ළඟට ඇවිදින්...

නුඹ මගේ, නුඹ මගේ, නුඹ මගේ...

මේ වාගේ කවදාවත්...
ළඟ ඉන්න බැරි බවත් දන්නවා...
නුඹ මාගේ ළඟ ඉන්න...
හීනෙන්ම දවසක් ගෙවෙනවා...

කාලේ ගෙවී සවස ඇවිදින්...
ඇහැරෙන්න වී දිනෙක හීනෙන්...
නුඹ පෙන්වූ ඇස් කඳුළු ඇවිදින්...
පිය වෙන්න වෙන දවස ඇවිදින්...

නුඹ මගේ, නුඹ මගේ, නුඹ මගේ...

MUNI NANDANA SIRI PADA

මුනි නන්දන සිරිපාද වඳිම් සමනල කන්දේ
විහිදෙන මෝක්ෂ සුගන්දේ
මුනි නන්දන සිරිපාද වඳිම්
ශ්‍රී ශාන්තී කරුණා ගුණ ආනන්දේ
ලැබීලා කරුණා ගුණ ආනන්දේ
පිහිටෙන් සුමන සුරින්දේ සිත් පැහැදී

මුනි නන්දන සිරිපාද වඳිම් සමනල කන්දේ
විහිදෙන මෝක්ෂ සුගන්දේ
මුනි නන්දන සිරිපාද වඳිම් ශ්‍රී...

ලිහිණි හෙලේ අම්බලමේ සින්දලා ගිමන්
ධර්මරාජ ගලේ නැගී ගල්පඩි ගනිමින්
තුන් සරණේ පිහිට සිතාලා
සන්තොසිනේ ඉන්පිටත් වෙලා
පිහිටෙන් සුමන සුරින්දේ සිත් පැහැදී
මුනි නන්දන සිරිපාද වඳිම් ශ්‍රී...

ගෙත්තම් කර සිරිත ලෙස ගෙත්තම් පානේ
සීතගගුලෙ නාලා සැම පඬුරු බැඳගෙනේ
ගෙත්තම් කර සිරිත ලෙස ගෙත්තම් පානේ
මලුව පෙනේ යමු නැවතී හැරමිටි පානේ

සමන් දෙවි කරුණාවයි නඩේ සැමටම සැප වෙයි //
පිහිටෙන් සුමන සුරින්දේ සිත් පැහැදී
මුනි නන්දන සිරිපාද වඳිම් ශ්‍රී...

ඇහැල කණුව ළඟ නැවතී පිරුවට ඇඳලා //
අහස්ගව්ව පසුකරමින් සාදු කියලා //
මහා මලුවට විත් ගිරිදඹ නැගලා
සිරී පතුල වඳිමු නිවන් පතාලා
එම පින් සමන් සුරිඳුටත් පමුනාලා

මුනි නන්දන සිරිපාද වඳිම් සමනල කන්දේ
විහිදෙන මෝක්ෂ සුගන්දේ
මුනි නන්දන සිරිපාද වඳිම් ශ්‍රී...

MALAK WELA OBA PIPENNA

මලක් වෙලා ඔබ පිපෙන්න
ආදරේ සුවඳ දෙන්න
ගඟක් වගේ ඔබ ගලන්න
සෙනෙහසින් පිරී යන්න

ප්‍රේමයේ රස කල්පනා
හදවතේ තව මවා දෙන්න
නැවුම් සඳක් වී මල් මාවතේ
මුතු සලා ඔබ සිනාසෙන්න

මා නෙතේ සුව සිහිනයේ
මේ ලෙසේ ඔබ රැඳී ඉන්න
පවන් රොදක් සේ මා ළඟ වෙලී
ජීවිතේ දුක නිවාලන්න

SUSUMIN SUSUME

සුසුමින් සුසුමේ රිදුනේ තැවුනේ //
මේ කඳුළු මා දෙනෙතේ පුරවා ගියා නම්
නිල් දෙනෙතෙ මුතු කඳුළු ගොලුවී තියේ නම්

හද ගිනි දැවෙයි -මේ සිසිලේ
ඔබේ රුව මැවෙයි -ඝන අඳුරේ
නෙත ඉරි තැලෙයි -මගේ තුන් හිත දවා---ලා

ලංවෙලා උන්නු කාලේ තුරුලේම සැඟවිලා
කී කතා ඇසේ තාමත් සුළගේ දැවටිලා
දරාගන්න බෑ ළඳුනේ සෙනෙහේ
හදා ගන්න බෑ හිත පෑ---රී

හද ගිනි දැවෙයි -මේ සිසිලේ
ඔබේ රුව මැවෙයි -ඝන අඳුරේ
නෙත ඉරි තැලෙයි -මගේ තුන් හිත දවා---ලා

පාරමී පුරා ආවේ වෙන් වෙලා යන්නදෝ ඔයා
මා සිතේ පැතුම් පාවී විසිරිලා ගියාවේ
සිනාසෙන්නෙමී කඳුළැල් සඟවා
සිතා මාගෙමයි සැමදා

හද ගිනි දරා -මුළු සසරේ
ඔබෙ රුව තබා -හද පතුලේ
මා ආදරෙයි නෙත් පියෙනා තුරා

IKI GASA HADANA

ඉකිගසා හඬන අතීතයක
කඳුළු එක්ක ගණුදෙනු කරනා...
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුණා....

හීනෙන් හිනැහී තුන්‍යම මා රවටා...
මැදියම් මහ රෑ අදටත් හිත ඉගිලෙනවා...
නින්දෙන් ඇහැරී කළුවරේම යළි සොයනා...
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා...
මගේම ආදරයක් තිබුණා...

රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා...
සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා...
උහුලනු බැරි තැන උණු කඳුළුම වගුරුවනා....
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා...
මගේම ආදරයක් තිබුණා...

OBA MA HAMUNA

ඔබ මා හමු වුණ මේ ඉර හඳ යට
කොතැනක සිටියත් මා මළ දවසට
මගෙ ළඟ තනියට ඉනු මැනවී//

ඔබ සිත මා සිත හමුවූ දා සිට
මා ලය පිබිදී පරවූ පෙම් මල //
සිතින් තුරුළු කර මා මළ දවසට
මගෙ ලඟ තනියට ඉනු මැනවී

ඔබ මා...

කඳුල සුසුම නොහෙලා නොදොඩා අපි
මිරිඟු සයුර වෙත පියමන් කළ හැටි//
සිතින් දරාගෙන මා මළ දවසට
මගෙ ලඟ තනියට ඉනු මැනවී

ඔබ මා...