Saturday, February 23, 2013

SUSUMIN SUSUME

සුසුමින් සුසුමේ රිදුනේ තැවුනේ //
මේ කඳුළු මා දෙනෙතේ පුරවා ගියා නම්
නිල් දෙනෙතෙ මුතු කඳුළු ගොලුවී තියේ නම්

හද ගිනි දැවෙයි -මේ සිසිලේ
ඔබේ රුව මැවෙයි -ඝන අඳුරේ
නෙත ඉරි තැලෙයි -මගේ තුන් හිත දවා---ලා

ලංවෙලා උන්නු කාලේ තුරුලේම සැඟවිලා
කී කතා ඇසේ තාමත් සුළගේ දැවටිලා
දරාගන්න බෑ ළඳුනේ සෙනෙහේ
හදා ගන්න බෑ හිත පෑ---රී

හද ගිනි දැවෙයි -මේ සිසිලේ
ඔබේ රුව මැවෙයි -ඝන අඳුරේ
නෙත ඉරි තැලෙයි -මගේ තුන් හිත දවා---ලා

පාරමී පුරා ආවේ වෙන් වෙලා යන්නදෝ ඔයා
මා සිතේ පැතුම් පාවී විසිරිලා ගියාවේ
සිනාසෙන්නෙමී කඳුළැල් සඟවා
සිතා මාගෙමයි සැමදා

හද ගිනි දරා -මුළු සසරේ
ඔබෙ රුව තබා -හද පතුලේ
මා ආදරෙයි නෙත් පියෙනා තුරා

No comments:

Post a Comment